හයඩ්රොක්සිල් කාණ්ඩ දෙකක් හෝ වැඩි ගණනක් සහිත ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් මොනොසැකරයිඩයක් ලෙස හැඳින්වේ. ජීව විද්‍යාත්මක වැදගත්කමකින් යුතු මොනොසැකරයිඩවල කාබන් පරමාණු 3-8 පමණ අඩංගු ය. කාබන් පරමාණු තුනක්, හතරක්, පහක්, හයක් හා හතක් අඩංගු මොනොසැකරයිඩ පිළිවෙළින් ට්රයෝස්, ටෙට්රෝස්, පෙන්ටෝස්, හෙක්සෝස් හා හෙප්ටෝස් ලෙස හැඳින්වේ.