කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන් අන්තර්ගත වඩාත් ම ප්‍රචලිත සංයෝග කලකය වන්නේ කාබෝහයිඩේටයි. විවිධ ජීවීන් තුළ කාබෝහයිඩ්‍රේට මඟින් ඉටු කෙරෙන බහුවිධ කෘත්‍ය හේතුවෙන් පෘථිවිය මත ඇති බහුතරයක් කාබනික ද්‍රව්‍ය නිර්මාණය වීමට ඒවා දායක වී ඇත.
ජෛව පද්ධති තුළ කාබෝහයිඩ්‍රේට මඟින් ඉටු කෙරෙන ප්‍රධාන කාර්යය වන්නේ ව්‍යූහයමය අණුවක් ලෙස හා ශක්තිය ගබඩා කරන අණුවක් ලෙස ක්‍රියා කිරීමයි. කාබෝහයිඩ්‍රේට යනු හයිඩ්‍රොක්සිල් කාණ්ඩ දෙකක් හෝ වැඩි ගණනක් අඩංගු ඇල්ඩිහයිඩ හෝ කීටෝන වේ. පවත්නා පුනරාවර්තන ඒකක සංඛ්‍යාව අනුව කාබෝහයිඩේට මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ හා පොලි සැකරයිඩ වශයෙන් වර්ග කෙරේ.
මොනොසැකරයිඩ් යනු සරල ම කාබෝහයිඩ්‍රේට වන අතර එවැනි ඒකක දෙකක් සම්බන්ධ වීමෙන් ඩයිසැකරයිඩ ද ඒකක විශාල සංඛ්‍යාවක් සම්බන්ධ වීමෙන් පොලිසැකරයිඩ ද සෑදේ.