කාබන් පරමාණුවේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන හතරකි. මේ ඉලෙක්ට්‍රෝන වෙනත් පරමාණු සමඟ මෙන් ම කාබන් පරමාණු සමඟ ද සහසංයුජ බන්ධන සාදයි. කාබන් පරමාණුවලට ඒවා අතර තනි බන්ධන, ද්විත්ව බන්ධන මෙන් ම ත්‍රිත්ව බන්ධන ද සෑදීමේ හැකියාව පවතී.
පරමාණු දහස් ගණන් අඩංගු අණු පවා තැනීමට කාබන්ට හැකි ය. එබැවින් අනෙකුත් සියලුම පරමාණු එකතුව සාදන සංයෝග වලට වඩා වැඩි සංඛ්‍යාවක් කාබනික සංයෝග පවතියි.
කාබන් හා හයිඩ්රජන් පමණක් අඩංගු කාබනික සංයෝග හයිඩ්‍රොකාබන ලෙස හැඳින්වේ. කාබන් හා හයිඩ්රජන්වලට අමතරව ඔක්සිජන්, නයිට්රජන්, සල්ෆර්, ෆොස්පරස් හා හැලජන යන වෙනත් පරමාණු ද කාබනික සංයෝගවල අන්තර්ගත ය. මෙලෙස විවිධ පරමාණු එකතු වීමෙන් කාබනික සංයෝගවල පවතින විවිධත්වය විශාල වශයෙන් වැඩි වේ.
කාබනික සංයෝගවල රසායනය පිළිබඳව හැදෑරීම කාබනික රසායනය ලෙස සරලව අර්ථ දැක්විය හැකි ය.