වෙබ් ලිපිනය/ලිපින Web Address/Addresses
 අන්තර්ජාලයෙහි තොරතුරු අසීමිත ව ගබඩා කර ඇති අතර ඒවා විධිමත් ව හැසිරවීමට ඒවා පවත්නා ස්ථාන සඳහා අනන්‍ය වූ ලිපින ලබා දී ඇත. මෙම ලිපින වෙබ් ලිපින ලෙසින් හඳුන්වනු ලබන අතර ඒවා ඒකීය සම්පත් පිහිටුම් (Uniform Resource Locators-URL) ලෙසින් හැඳින්වේ.

වෙබ් ලිපින සකස් වන්නේ ද අපගේ නිවෙස්වල ලිපින සකස් වන ආකාරයට සමාන ආකාරයෙනි. මුලින් ම නම, නිවසේ අංකය,ඉනිපසුව අදාළ මාවතේ නම සහ නගරය ලෙසින් ලිපිනය සටහන් කිරීම සිදු කෙරේ.

වෙබ් ලිපිනයක් ලබා දීමේ දී මුලින් ම www යන්න සටහන් කරන අතර ඉන් පසු වෙබි අඩවියේ නම, එය අයත් වන කාණ්ඩය සටහන් කෙරේ. මෙහි දී මේ සෑම එකක් ම වෙන් වෙන් ව දැක්වීම සඳහා තිත(.) භාවිත කෙරේ. මෙහි කිසිදු ස්ථානයක හිස්තැන් භාවිත කළ නොහැකි අතර භාවිත කළ හැක්කේ විශේෂ සලකුණු කිහිපයක් පමණී.

www.schoolnet.lk
www.google.com
(c) Shilpa Sayura Foundation 2006-2017