සමර්පණයක ස්ලයිඩ/කදා රාශියක් පවතී. මෙම ස්ලයිඩ/කදා අතර යම් අනුරූපතාවක් පවත්වාගෙන යාමට කටයුතු කිරීම එය නරඹන්නාට පහසුවක් ඇති කරයි. උදාහරණයක් ලෙස සෑම මුල් මාතෘකාවක් සඳහා ම එක ම වර්ණයෙන් සහ ප්රමාණයෙන් යුතු පාඨ යොදා ගැනීම පෙන්වා දිය හැකි ය. මෙමඟින් පාඨකයාට සමර්පණයේ කොටස් අතර වූ සබඳතාව පහසුවෙන් අවබෝධ කර ගැනීමට අවස්ථාව උදා වේ.