සමර්පණයක් සකස් කිරීමේ දී සැලකිය යුතු කරුණු
  මෙහි දී එය ඵලදායි ලෙස සකස් කිරීමට බොහෝ කරුණු සැලකිල්ලට ගත යුතු ය. ඵලදායි සමර්පණයක් සකස් කිරීමේ දී සලකා බැලිය යුතු ප්‍රධාන ම කරුණ නම් එහි ඇතුළත් කරන විෂය කරුණු ය. එනම් සමර්පණයේ අන්තර්ගතය යි.

අන්තර්ගය පිළිබඳ ව සලකා බැලීමේ දී පහත කරුණු කෙරේ අවධානය යොමු කළ යුතු ය.
සමර්පණයේ අන්තර්ගතය සැම විට ම,
* නිවැරදි විෂය කරුණුවලින් යුක්ත විය යුතු ය.
* නිවැරදි බස් වහරින් යුක්ත විය යුතු ය. (එනම් අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ නිවැරදි ව තිබිය යුතු ය.)
* එය නරඹන ප්‍රේක්ෂකයාට අදාළ සහ අවශ්‍ය කරුණුවලින් සමන්විත විය යුතු ය. එනිසා සෑම අවස්ථාවක දී ම සමර්පණය අදාළ ප්‍රේක්ෂකයන් ඉලක්ක කරමින් සකස් කළ යුතු ය.
* සමර්පණ සිදු කරන කාලය තුළ භාවිතයට ගැනීමට ප්‍රමාණවත් විය යුතු ය. ප්‍රමාණය ඉක්මවා යාම මෙන් ම ප්‍රමාණය අඩුවෙන් පැවතීම ද සමර්පණය අසාර්ථක වීමට හේතු වේ.

සමර්පණයක් ආකර්ණීෂය ලෙස සකස් කිරීමට පහත කරුණු පිළිබඳ ව සැලකිලිමත් විය යුතු ය.
* අකුරු හැඩතල හා ප්‍රමාණ භාවිතය Use of Font and Font Sizes
* පාඨ භාවිතය Use of Text
* වර්ණ භාවිතය Use of Colours
* රූ සටහන් සහ රූප භාවිතය Use of Diagrams and Images/pictures
* බහුමාධ්‍ය පහසුකම් භාවිතය Use of Multimedia facilities
* ස්ලයිඩ/කදා අතර අනුරූපතාව Consistency among Slides
* සමර්පණ මෘදුකාංගවල වූ උපක්‍රම භාවිතය Use of techniques in the Presentation software
(c) Shilpa Sayura Foundation 2006-2017