සමර්පණයක් යනු කුමක් ද?
 තම අදහස්-උදහස් මතිමතාන්තර ආදිය පිරිසක් ඉදිරියේ පැහැදිලි ව, නිරවුල් ව ගෙන හැර දැක්වීම සමර්පණයක්, ප්‍රදර්ශකයක් හෝ ඉදිරිපත් කිරීමක් ලෙසින් හැඳින්වේ. මෙහි දී අපට ප්‍රධාන සංරචක හතරක් හඳුනා ගැනීමට හැකි ය. ඒවා නම්

1. ඉරිරිපත් කරන්නා/ප්‍රදර්ශකයා Presenter
2. ප්‍රේක්ෂකයන් Audiens
3. සමර්පණ මාධ්‍යය Presentation Medium
4. අන්තර්ගතය Contents

ප්‍රදර්ශකයා තම ඉදිරිපත් කිරීම (සමර්පණය) වඩාත් සාර්ථක ව සිදු කිරීමට විවිධ මෙවලම් උපයෝගි කර ගනී. උදාහරණ ලෙසින් පදික වේදිකාවේ වෙළෙඳාම් කරන අවස්ථාවක් විමසා බලන්න. නැතහොත් පැතිර යන රෝගයක් හෝ වසංගත තත්ත්වයක් පිළිබඳ සෞඛ්‍ය සේවකයන්, ජනතාව දැනුවත් කරන අවස්ථාවක් පිළිබඳ ව විමසා බලන්න.

මේ සෑම අවස්ථාවක දී ම අඩු වැඩියෙන් අදාළ පුද්ගලයන් සිදු කරන්නේ යම් ආකාරයක ඉදිරිපත් කිරීමකි. සමහර අවස්ථාවල දී ඔවුන් යම් ආකාරයක මෙවලම් භාවිත කරනු දැකිය හැකි අතර තවත් අවස්ථාවල දී ඔවුන් කිසිදු මෙවලමක් නොමැති ව රංගනය සහ හඬ පමණක් භාවිත කරනු දැකිය හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017