ප්‍රස්තාර සැකසීමේ පහසුකම
 දත්ත සංඛ්‍යාත්මක ව දක්වා ඇති විට දී ඒවා දෙස බැලීමෙන් ඒවායින් පවසන දේ එක්වර ම තේරුම් ගැනීම බොහෝ අවස්ථාවල දී අපහසු ය. නමුත් අදාළ දත්ත භාවිත කරමින් ප්‍රස්තාර (Graphs/charts) සකස් කළ විට දී ඉතා ම පහසුවෙන් අදාළ දත්තවලින් පවසන දේ තේරුම් ගැනීමට හැකි වනු ඇත.

උදාහරණයක් ලෙසින් ව්‍යාපාරයක වර්ෂ කිහිපයක ආදායම් හා වියදම් පිළිබඳ ව විස්තර දැක්වීම පෙන්වා දිය හැකි ය. අදාළ ආදායම් හා වියදම් අගයවලින් දක්වා ඇති විට දී අදාළ ව්‍යාපාරයේ වර්ධනය හෝ අඩාලවීම් පැහැදිලි ව දැක ගත නොහැකි ය. නමුත් අදාළ දත්තවලින් නියමිත පරිදි ප්‍රස්තාරයක් හෝ ප්‍රස්තාර කිහිපයක් සකස් කිරීමෙන් ඉතා ම පහසුවෙන් අදාළ ආයතනයේ වර්ධනය හෝ අඩාලවීම් දැක ගැනීමට හැකි වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017