කොටු/කෝෂ පරාස Cell Ranges
 පැතුරුම්පත් සමඟ වැඩ කටයුතු කිරීමේ දී අපට නිතර ම කොටු/කෝෂ පරාස (cell ranges) ලබා දීමට අවශ්‍ය වෙයි. කොටු පරාසයක් නම් කිරීමේ දී මුලින් ම ආරම්භක කොටුව/කෝෂය ලබා දී ඉන් පසු දෙතිත ලකුණ ([:] Colon sign) ඇතුළත් කොට අවසානයේ අවසන් කොටුව/කෝෂය ලබා දිය යුතු ය. මෙම කොටු/කෝෂ පරාසය අවශ්‍ය පරිදි තීරුවක් පමණක් හෝ පේළියක් පමණක් හෝ තීරු සහ පේළිවල එකතුවක් හෝ විය හැකි ය. කොටු පරාසයක දී ඒ සඳහා එක් කොටුවක් වුව ද පැවතිය හැකි ය.

කොටු පරාස ලබා දීමේ දී ඉහළ සිට පහළට හෝ වමේ සිට දකුණට හෝ පහළ සිට ඉහළට හෝ දකුණේ සිට වමට හෝ වන පරිදි ඕනෑ ම කෙළවර දෙකක් භාවිත කරමින් අදාළ කෝෂ පරාස ලබා දිය හැකි ය. උදාහරණයක් ලෙසින් A5 සිට A12 දක්වා කෝෂ පරාසය ඔබට A:A12 ලෙස හෝ A12:A5 ලෙස හෝ ලබා දීමට හැකි වීම දැක්විය හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017