කොටු/කෝෂ නම් කිරීම Naming the Cell
  කොටු/කෝෂ වෙන් වෙන් ව හඳුනා ගැනීමට ඒවා නියමිත ආකාරයෙන් නම් කිරීම සිදු කළ යුතු ය. එනම් සෑම කෝෂයක්/කොටුවක් සඳහා ම අනන්‍ය වූ ලිපිනයක් (Unique Addressඑකක්) ලබා දිය යුතු ය. කෝෂ සඳහා ලිපින (Cell Address) ලබා දීමේ දී මුලින් ම එම කෝෂයට අදාළ තීරුව දැක්විය යුතු අතර ඉන් අනතුරුව ඊට අදාළ වූ පේළිය දැක්විය යුතු ය.

එනම් මුලින් ම තීරුව සඳහා වූ ඉංග්‍රීසි අක්ෂරය සටහන් කර ඉන් පසු ව පේළි අංකය සටහන් කළ යුතු ය. උදාහරණයක් ලෙස B ලෙසින් හැඳින්වෙන පේළිය හා 10 අංකයෙන් හැඳින්වෙන තීරුව හමුවන ස්ථානයේ ඇති කෝෂයේ අනන්‍ය ලිපිනය B10 වෙයි.

පැතුරුම්පතක/වැඩපතක පළමු කොෂයේ/කොටුවේ ලිපිනය වන්නේ A1 යන්නයි. පැතුරුම්පත් මෘදුකාංගවල දී මෙම පළමු කෝෂය මුල් නිවස්න කෝෂය (Home Cell එක) ලෙසින් හැඳින්වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017