තීරු (columns) පැතුරුම්පතක/වැඩපතක සිරස් ව (vertically) පිහිටා ඇති අතර ඒවා නම් කිරීම සඳහා ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර භාවිත කෙරේ. පළමු තීරුව A ලෙසත් ඊළඟ එක B ලෙසත් ඉන්පසු එක C ආදී ලෙසත් නම් කෙරෙයි. මෙසේ නම් කිරීමේ දී අපට ලබාගත හැක්කේ සිට දක්වා වූ තීරු 26ක් පමණී. නමුත් වැඩපතක තීරු 26කට වඩා පවතින අතර 27වන තීරුව AA ලෙසත් ඊළඟ තීරුව AB ලෙසත් ඊළඟ එක AC ලෙසත් ඉදිරියට නම් කෙරෙයි. AZ වලින් පසුව එන තීරු නම් කිරීම BA වලින් ආරම්භ වී ඉදිරියට ගෙන යයි. මෙලෙසින් අවශ්‍ය තරම් ප්‍රමාණය දක්වා නම් කිරීම කරගෙන යයි.
