පරිගණකය භාවිතයෙන් වගු ආකාරයෙන් සකස් කළ දත්ත විශ්ලේෂණය කිරීම, සංක්ෂිප්ත කිරීම, ප්රස්තාර සකස් කිරීම වැනි කාර්ය සඳහා භාවිත කරන පරිගණක මෘදුකාංග පැතුරුම්පත් මෘදුකාංග ලෙස හැඳින්වෙයි.
පැතුරුම්පතක් පිළිබඳ ව සරල ලෙස සලකා බැලීමේ දී එය අපට වගුවක් (Table) හා එහි අඩංගු දත්ත කළමනාකරණය සඳහා ගොඩ නඟා ඇති පහසුකම් රාශියක එකතුවක් ලෙස සැලකිය හැකි ය. පැතුරුම්පතක ආකෘතිය තීරු (columns) සහ පේළිවල (rows) එකතුවකින් සමන්විත වේ.