Writer 4.1 හි දී පිටු සැකසුම් සකස් කරන ආකාරය
 Format මෙනු විකල්පය මත ක්ලික් කර Page විකල්පය මත ක්ලික් කරන්න. මෙවිට ඔබට Page style සංවාද කොටුව දක්නට ලැබේ.

Writer 4.1 හි දී පිටු සැකසුම් සඳහා අදාළ වන විස්තර සියල්ල Page style සැකසුම් යටතේ දී හඳුන්වා දෙන බැවින් අවශ්‍ය කරන සැකසුම් සකස් කිරීම සඳහා මෙම සංවාද කොටුව භාවිත කළ යුතු ය.

පිටු සැකසුම සකස් කිරීමට Page පටිත්ත මත ක්ලික් කර අදාළ පිටුවේ ප්‍රමාණය, පිටු සීමා සහ දිශානතිය සකස් කරන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017