Word 2010 මෘදුකාංගයක් ආරම්භ කිරීම
 Windows 7 මෙහෙයුම් පද්ධතියේ දී Word 2010 ආරම්භ කිරීමට පහත ආකාරයෙන් ක්‍රියා කළ යුතු ය.

* මුලින් ම Start බොත්තම මත ක්ලික් කරන්න
* මෙවිට ඔබට Start මෙනුව දක්නට ලැබෙන අතර එහි වූ All Programs විකල්පය මත ක්ලික් කරන්න.
* මෙහි දී ඔබට All Programs ෆෝල්ඩරය වෙත ගොස් ඒ මත ක්ලික් කරන්න.
* එහි දී ඔබට Microsoft Office ෆෝල්ඩරයේ වූ වැඩසටහන් සියල්ල දක්නට ලැබෙනු ඇත.
* දැන් Word 2010 ආරම්භ කිරීමට Microsoft Word 2010 විකල්පය මත ක්ලික් කරන්න.

මෙම ක්‍රියාවලිය කෙටි කර පහත ආකාරයෙන් දැක්වීමට පුළුවන්. Start → All Programs → Microsoft Office → Microsoft Word 2010

දැන් Word 2010 ආරම්භ වන අතර එහි ආරම්භක තිරය දක්නට ලැබෙන්නේ පහත ආකාරයෙනි. Word 2010 ආරම්භ කළ විට දී නව හිස් ලිපියක් ලබා දෙන බැවින් කෙළින් ම ලිපියක් සැකසීමට අවස්ථාව ලැබෙනු ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017