පරිගණක මෙහෙයුම් පද්ධතියක් යනු කුමක් ද?
  පරිගණක පද්ධතියක වූ දෘඨාංග පාලනය කරමින් මිත්‍රශීලි පරිශීලක අතුරු මුහුණතක් ලබා දෙමින් ක්‍රියාත්මක වන පරිගණක මෘදුකාංග පරිගණක මෙහෙයුම් පද්ධති ලෙසින් හැඳින්වේ.

මෙහෙයුම් පද්ධතියට හිමි ස්ථානය පහත සටහනින් පරිගණක මෙහෙයුම් පද්ධතියක, පරිගණක දෘඨාංග හා පරිශීලකයා සමඟ ඇති සම්බන්ධතාව පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වනු ඇත.

මෙහෙයුම් පද්ධතිය යනු පරිශීලකයා හා පරිගණක දෘඨාංග අතර සම්බන්ධතාව ඇති කරන අතරමැදියකු ලෙස ක්‍රියාත්මක වන පරිගණක මෘදුකාංගයකි.

පරිගණකයේ ක්‍රියාත්මක වන සියලු පරිගණක මෘදුකාංගවලට දෘඨාංග හා ගනුදෙනු කිරීමට මෙහෙයුම් පද්ධතියේ සහය ලබා ගැනීමට සිදු වේ. පරිශීලකයාට තම අවශ්‍යතාව පරිදි මෙහෙයුම් පද්ධතිය සමඟ හෝ අනෙකුත් මෘදුකාංග සමඟ හෝ සම්බන්ධ වෙමින් අවශ්‍ය කරන කටයුතු කිරීමට හැකි ය. 

පරිශීලකයාට දෘඨාංග හා මෘදුකාංග සමඟ වැඩ කිරීමට අවශ්‍ය පරිසරය පරිගණක මෙහෙයුම් පද්ධතිය මඟින් සකස් කර දෙන බැවින් සෑම පරිගණකයක ම පරිගණක මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර තිබීම අනිවාර්ය වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017