පරිගණක වර්ගීකරණය Computer Classification
 පරිගණක නොයෙකුත් ආකාරයෙන් වර්ග කිරීමට හැකි නමුත් මෙහි දී ප්‍රමාණය සැලකිල්ලට ගෙන පරිගණක වර්ගීකරණය කිරීම පිළිබඳ ව සලකා බලමු. ප්‍රමාණය සැලකිල්ලට ගත් විට දී ද පරිගණක ප්‍රධාන ආකාර හතරකට බෙදා වෙන් කළ හැකි ය.

1. සුපිරි පරිගණක Super Computers

ප්‍රබල කාර්යක්ෂමතාවකින් හා හැකියාවන්ගෙන් යුත් විශේෂිත කාර්යයන් සඳහා නිර්මාණය කර ඇති පරිගණක මේ යටතට ගැනේ.

2. මහා පරිගණක Mainframe Computers ප්‍රමාණයෙන් ඉතා ම විශාල පරිගණක මේ යටතට ගැනේ.

3. මධ්‍ය පරිගණක Mini Computers මධ්‍ය ප්‍රමාණයේ පරිගණක ලෙස මෙය හඳුන්වා දිය හැකි ය.

4. ක්ෂුද්‍ර පරිගණක Micro Computers මෙම පරිගණක ප්‍රමාණයෙන් ඉතාම කුඩා ය.

කෙසේ නමුත්, වේගයෙන් සිදුවන තාක්ෂණික දියුණුව නිසා පරිගණක මෙසේ සුපිරි, මහා, මධ්‍ය සහ ක්ෂුද්‍ර ලෙස වර්ග කිරීම අපහසු වී ඇත. මේ නිසා අද භාවිතයේ පවතින පරිගණක පහත ආකාරයෙන් වර්ග කිරීම සහ හඳුන්වා දීම සිදු කළ හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017