පරිගණක මවුපුවරුව Computer Motherboard
  මධ්‍ය සැකසුම් ඒකකය, මතක ඒකක වැනි දේ මෙන් ම පරිගණකයේ හැකියා වැඩි දියුණු කර ගැනීම පිණිස සවි කරන අමතර පරිපථ සහ බාහිර මෙවලම් හා උපාංග සවි කිරීමට අවශ්‍ය කරන පහසුකම් සපයන්නේ පරිගණක මවුපුවරුවයි.

මවුපුවරුව මත අමතර පරිපථ සවි කිරීම සඳහා ඉඩ සලසන ඒකක ප්‍රසාරණ විවර (Expansion slots) ලෙසින් හඳුන්වයි. එසේ ම පර්යන්ත උපාංග සවි කිරීමට යොදා ගන්නා විවිධාකාරයේ තොටු/කෙවෙනි ඇත්තේ ද පරිගණක මවුපුවරුෙහි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017