මධ්‍ය සැකසුම් ඒකකය Central Processing Unit (CPU)
  පරිගණකයේ සියලු සකස් කිරීම් සිදුකරන මධ්‍ය සැකසුම් ඒකකය පරිගණකයේ මොළය ලෙසින් ද හඳුන්වයි. එසේ ම බොහෝ අවස්ථාවල දී මෙය මයික්‍රෝප්‍රොසෙසරය ඒසේත් නැතිනම් ක්ෂුද්‍ර සකසනය ලෙසින් ද හඳුන්වයි. වර්තමානයේ පුද්ගල පරිගණක සඳහා මධ්‍ය සැකසුම් ඒකක නිපදවීමේ පුරෝගාමි ආයතන ලෙස Intel සහ AMD (Advanced Micro Devices) යන ආයතන පෙන්වා දිය හැකි ය.

මධ්‍ය සැකසුම් ඒකකය සකස් වෙන්නේ,
1. පාලන ඒකකය (Control Unit - CU)
2. අංක ගණිතමය හා තාර්කික ඒකකය (Arithmetic and Logic Unit - ALU)
3. මතක රෙජිස්තර (Memory Registers) යන කොටස් තුන එකතුවෙනි.

(c) Shilpa Sayura Foundation 2006-2017