ආචයනය හෙවත් දත්ත සහ තොරතුරු තැන්පත් කිරීම - Storing data and Information
  දත්ත සහ තොරතුරු නැවත ගත හැකි අයුරින් තැන්පත් කිරීම ආචයනය යටතට ගැනේ. ආචයනය සඳහා භාවිත කෙරෙන උපාංග ආචයන උපාංග නම් වේ. වර්තමානයේ ආචයන විවිධ වූ තාක්ෂණ භාවිත කෙරේ. එබඳු ප්‍රචලිත තාක්ෂණ පහත පරිදි ය.

1. චුම්භක තාක්ෂණය - Magnetic Technology
2. ප්‍රකාශ තාක්ෂණය - Optical Technology
3. අර්ධ සන්නායක තාක්ෂණය - Semi-conductor Technology

අචයනය ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන්කළ හැකි ය.
ඒවා නම්,
1. ප්‍රාථමික ආචයනය - (Primacy storage)
2. ද්විතීයික ආචයනය - (Secondary storage)



ප්‍රාථමික ආචයන උපාංග අර්ධ සන්නායක (Semiconductors) භාවිතයෙන් නිෂ්පාදනය කරන අතර, වර්තමානයේ දී ද්විතීයික ආචයන උපාංග නිෂ්පාදනය සඳහා චුම්භක තාක්ෂණය (Magnetic technology), ප්‍රකාශ තාක්ෂණය (Optical technology) සහ අර්ධ සන්නායක තාක්ෂණය (Semiconductors technology) භාවිත කෙරේ. ප්‍රාථමික ආචයනයේ මූලික කාර්යය වන්නේ සකස් කිරීම සඳහා මධ්‍ය සැකසුම් ඒකකය වෙත යොමු කිරීමට අවශ්‍ය කරන දත්ත සහ උපදෙස් ඒ වෙත යොමු කරන තෙක් සහ සකස් කළ දත්ත. එනම් තොරතුරු ප්‍රතිදාන ඒකක වෙත යොමු කරන තෙක් තාවකාලික ව තැන්පත් කර (රඳවා) තබා ගැනීම යි. 

ද්වතීයික ආචයනයේ කාර්යය වන්නේ පසුකාලීන ව භාවිතයට අවශ්‍ය වන දත්ත, උපදෙස් හා තොරතුරු අදාළ කාලය තෙක් තැන්පත් කර තබා ගැනීමයි.
(c) Shilpa Sayura Foundation 2006-2017