ඝට්ටනය නොවන වෙනත් තාක්ෂණික ක්‍රම භාවිත කරමින් මුද්‍රණය සිදු කිරීම. (Non-impact printers)
  මෙයින් ද්‍රව තීන්ත හෝ අර්ධ ඝන තත්ත්වයේ තීන්ත වසිරීම හෝ ඇතිරීම මඟින් මුද්‍රණය සිදු කෙරේ. වර්තමානයේ බොහෝ ආයතනවල ගුණාත්මක මුද්‍රිත පිටපත් ලබා ගැනීමට මෙවැනි යන්ත්‍ර භාවිත කෙරේ. ඝට්ටනය නොවන වෙනත් තාක්ෂණික ක්‍රම භාවිත කරමින් මුද්‍රණය සිදු කරන මුද්‍රණ යන්ත්‍ර ආකාර කිහිපයක් ම දැක ගත හැකි ය.

1. ලේසර් මුද්‍රණ යන්ත්‍ර - Laser Printers
2. තීන්ත විදුම් මුද්‍රණ යන්ත්‍ර - Inkjet / Bubble Jet Printers
3. ඌර්ධවපාතනය හරහා තීන්ත විසුරුවන මුද්‍රණ යන්ත්‍ර - Dye Sublimation Printers
ලකුණුකරණය - Plotter

නිවාස සැලසුම්, ගොඩනැඟිලි ආකෘති, පිඹුරු පත් වැනි විශාල ප්‍රමාණයේ පරිමාණයට සකස් කරන දේවල් මුද්‍රණය කිරීමට යොදා ගන්නා ප්‍රතිදාන උපාංගය වන්නේ ලකුණුකරණයයි.


(c) Shilpa Sayura Foundation 2006-2017