ප්‍රකාශ සලකුණු සංජානන (Optical Mark Recognition - OMR) පහසුකම
  මුද්‍රිත විශේෂ සලකුණු පරිගණකයට ආදානය කිරීම සඳහා භාවිත කෙරෙන තාක්ෂණය ප්‍රකාශ සලකුණු සංජානන පහසුකම ලෙසින් හැඳින්වේ. මෙමඟින් කාර්යක්ෂම ව සහ නිවැරදි ව දත්ත ආදානය කළ හැකි අතර වර්තමානයේ දී බොහෝ බහුවරණ පිළිතුරුපත් ඇගයීමේ දී භාවිත කරයි. එසේ ම විශාල වශයෙන් තොරතුරු එක්රැස් කරන සංගණනවල දී ද මෙම තාක්ෂණය භාවිත කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017