ලක්ෂීය උපාංගයක් (pointing device) ලෙසින් සලකන මූසිකය ප්‍රධාන ලෙසින් ම පරිගණකයට උපදෙස් සහ අණකිරීම් ලබා දීමට යොදා ගැනේ. එසේ ම පරිගණක භාවිත කරමින් චිත්‍ර ඇඳීමේ දී මූසිකය අත්‍යවශ්‍ය වූ උපාංගයකි. වර්තමානයේ භාවිත කෙරෙන චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් සහිත මෙහෙයුම් පද්ධතිවල දී මූසිකය නොමැති ව පරිගණක භාවිත කිරීම ඉතා අපහසු කාර්යයකි.