මැනුම් ස්ථාන කිහිපයක් භාවිතයෙන් සිදු වන තියඩොලයිට්ටු මැනුම් ක්‍රියාවලිය
 බොහෝ විට එක් මැනුම් ස්ථානයකින් හෝ ස්ථාන දෙකකින් හෝ එම කාර්යය සිදු කළ නොහැකි ය. එයට හේතුව වන්නේ භූමිය මත දත්ත ඉතා විශාල ගණනක් ඇති අතර ම විශාල ඉඩම් මැනීමේ දී ඉහත ක්‍රම යොදා ගත නොහැකි වීමත් ය. මේ නිසා මැනුම් ස්ථාන කිහිපයක් සමඟ මෙහි දී කාර්යය කිරීමට සිදු වේ. එමෙන් ම හැකි තරම් මැනුම් ස්ථාන ගණන අඩු කිරීමත් මේ අතර ම සිදු කළ යුතු ය.

මෙවන් මැනුම් ස්ථාන තුනකට වඩා වැඩි අවස්ථාවක දී මැනුම් ස්ථානයක් සඳහා යම් ස්ථානයක් තෝරා ගැනීමේ දී පහත සාධක සලකා බැලිය යුතු ය.

* යාබද මැනුම් ස්ථාන එකිනෙක හොඳින් දෘෂ්‍යමාන විය යුතු ය.
* මැනුම් රේඛාවල තිරස් දිග මැනිය හැකි විය යුතු ය.
* මැනුම් ස්ථානයක් මත උපකරණ සවි කිරීම සඳහා අවශ්‍ය අවකාශය තිබිය යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017