මෙහි දී මැනුම් ස්ථාන දෙකක් සමඟ මැනුම සිදුකරන නිසා එහි දී විය හැකි දෝෂ පිළිබඳ ව ද අවධානය යොමු කිරීම වැදගත් ය. මෙහි දී පහත ලක්ෂණවලින් සමන්විත භූමි ප්‍රදේශයක් මැනීමට මෙම ක්‍රමය යොදා ගත හැකි ය.
* තරමක විශාල ප්‍රදේශයක් වීම
* දළ වශයෙන් සමතල ප්‍රදේශයක් වීම
* ඉඩම් මධ්‍යයේ ගොඩනැගිලි 1ක් හෝ 2ක් ආදි සීමිත දත්ත ගණනක් පමණක් තිබීම
* යම් මැනුම් රේඛාවක් මඟින් දත්ත සියල්ල මැනිය හැකි වීම
මෙහි දී මුලින් ම, එනම් මැනුම ආරම්භ කිරීමට පෙර මැනිය යුතු භූමි ප්‍රදේශය වටා ඇවිද එම ප්‍රදේශය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් ය. එසේ ම එම අධ්‍යයනයෙන් පසු ඉඩමේ දත්ත ඇතුළත් වන පරිදි දළ සටහනක් අඳිනු ලැබේ. ඉන් පසු පහත සාධක සලකා බලමින් මැනුම් ස්ථාන 2ක් සඳහා නිශ්චිත ස්ථාන තෝරා ගෙන පොළොව මත කුඤ්ඤ මඟින් සලකුණු කරනු ලබයි.
* මැනුම් ස්ථාන දෙක එකිනෙකට දෘෂ්ටි විය යුතු ය.
* එම ස්ථාන දෙක යා කරන රේඛාව එනම් මැනුම් රේඛාව තිරස් රේඛාවක් ලෙස මැන ගත හැකි වීම.
* අදාළ ඉඩමේ සියලු දත්ත සඳහා මැනුම් එනම් අනුලම්බ දුර එම මැනුම් රේඛාවේ සිට ලබා ගත හැකි වීම.
මෙහි දී සෘජුකෝණි අනුලම්බ පමණක් නො ව, ඇල අනුලම්බ මඟින් ද දත්ත සඳහා මිනුම් ලබා ගත හැකි ය.