ක්‍රියා පිළිවෙළ
  * තියඩොලයිට්ටුව මැනුම් ස්ථානය මත ස්ථානගත කර මට්ටම් කරන්න.

* උපකරණයේ යටි තහඩුව සහ උඩු තහඩුව ලිහිල් කරන්න. ඉන් පසු උඩු තහඩුව කරකැවීම මඟින් උපකරණයේ තිරස් කෝණය 000 00’ 00” ලෙස සලකන්න. ඉන් පසු උඩු තහඩුව තද කරන්න.

* යටි තහඩුව කරකැවීම මඟින් දුරේක්ෂය උතුරු දිශාව දෙසට යොමු කරන්න. මෙවිට උතුරු දිශාව එල්ලේ උපකරණයේ තිරස් කෝණය 000 00’ 00” ලෙස සකස් වී ඇත. මෙම සැකැස්ම මගින් සියලු දත්ත සඳහා දිගංශ මැනිය හැකි ය.

* ඉන්පසු උඩු තහඩුව ලිහිල් කර දත්තවල පිහිටුවා ඇති පෙළ ගැන්වුම් දණ්ඩ දෙසට දුරේක්ෂය යොමු කරන්න. මෙහි දී දුරේක්ෂය ඒ දෙසට දළ වශයෙන් යොමු කර උඩු තහඩුව තද කරන්න. 
පසුව උඩු තහඩුවට සම්බන්ධ ස්පර්ශක ඉස්කුරුප්පුව කරකැවීම මඟින් නිශ්චිත ව ම දුරේක්ෂ දණ්ඩ දෙසට යොමු කරන්න.

මෙවිට මැනුම් ස්ථානයේ සිට පළමු දත්ත ස්ථානය දක්වා දිගංශය කියවිය හැකි ය. අදාළ කෝණය කියවා සටහන් කර ගැනීමෙන් පසු (280 14’) මැනුම් ස්ථානයේ සිට අදාළ දත්තයට ඇති තිරස් දුර ද (12.4 m) මැන ගන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017