පරිසරයේ සිදු වන වෙනස් වීම් හේතුවෙන් පැනනැඟිය හැකි දෝෂ මිනින්දෝරුවරයාට පාලනය කළ නොහැකි ය. පරිසරයේ සිදු වන උෂ්ණත්වයේ වෙනස් වීම්, තද සුළං තත්ත්ව, අධික හිරු රශ්මිය ආදි විවිධ තත්ත්ව හේතුවෙන් මිනුම්වල දෝෂ ඇති විය හැකි ය.
මෙය පාලනය කළ නොහැකි වුවත්, එම දෝෂවල අගයන් සමීකරණ මඟින් ගණනය කළ හැකි ය. එමෙන් ම අයෝග්‍ය පාරිසරික තත්ත්ව සහ අයෝග්‍ය අවස්ථාවල දී මැනුම නවතා, සුදුසු තත්ත්වයක් එළඹෙන තෙක් බලා සිට එය සිදු කළ යුතු ය.
යම් මැනුමක් ආරම්භ කිරීමට පෙර, එම මැනුම සම්බන්ධව උදා විය හැකි දෝෂ වර්ග පිළිබඳ ව අවබෝධයක් ලබා ගත යුතු ය. ඉන් පසු එම දෝෂවල බලපෑම අවම කිරීමට පූර්වෝපායන් යොදා අදාළ මැනුම එනම් පාඨාංක ලබා ගැනීම ආරම්භ කළ හැකි ය.