පෞද්ගලික දෝෂ (Personal errors)
 උපකරණය ඉතා නිරවද්‍ය ව සහ සියුම් ව නිපදවා ඇතත්, එය භාවිත කරන්නාගේ (නිරීක්ෂකයාගේ) නොසැලකිලිමත්කම, පළපුරුද්ද අඩුකම සහ නිපුනතාව මඳකම ආදිය හේතුවෙන් ද දෝෂ ඇතිවිය හැකි ය. මේ ගණයට අයත් දෝෂ කිහිපයක් පහත දැක්වේ.

* උපකරණය නිවැරදි ව මධ්‍යගත නොකිරීම (Inaccurate centering)

* උපකරණය නිවැරදි ව මට්ටම් නොකිරීම (Inaccurate levelling)

* නිවැරදි ස්පර්ශක ඉස්කුරුප්පුව භාවිත නොකිරීම

* අදාළ දත්තය මත පිහිටුවා ඇති පෙළ ගැන්වුම් දණ්ඩ නිවැරදි ව සමච්ඡේදනය නොකිරීම

* අදාළ පෙළ ගැන්වුම් දණ්ඩ නිවැරදි ව අදාළ ස්ථානයේ තබා නොගැනීම හෝ එහිදී සිරස්ව තබා නොගැනීම

* අසම්පාත දෝෂ

* දත්ත කියවීමේ දී සහ සටහන් කිරීමේ දී සිදු වන දෝෂ
(c) Shilpa Sayura Foundation 2006-2017