සාමාන්‍යයෙන් උපකරණයක් වසර ගනනක් නොකඩවා භාවිත කිරීමේ දී එහි ඇතුළත කොටස්වල ගෙවීම්, මුරිච්චි ඇණවල සිදු වන සීරුමාරු වීම් හේතුවෙන් උපකරණයෙහි මූලික න්‍යායයන්වලට හානි සිදු විය හැකි ය.
එහෙයින්, තිරස් තැටි ලෙවලය, තිරස් අක්ෂය, දුරේක්ෂය, දුරේක්ෂයේ ලෙවලය සහ සිරස් වෘත්තයේ දර්ශකය ආදි උපාංගවල සීරුමාරු කිරීම් පිළිබඳ ව සලකා බලනු ලැබේ. එමෙන් ම තියඩොලයිට්ටුවේ විවිධ අක්ෂ, මූලික න්‍යායයන්ගේ නිරවද්‍යතාව අනුව කාර්යය සිදු කරන්නේ ද යන්න පිළිබඳ ව ද නිරීක්ෂණය කෙරේ.
වර්තමානයේ විද්‍යාගාරවල දී උපකරණ විසින් ලබාදෙන (විශේෂයෙන් ම කෝණවල) අගයන් පරික්ෂා කිරීමට නිශ්චිත ව මනින ලද ස්ථාන කිහිපයක් ඇත. මෙහි දී උපකරණ එම ස්ථානවල සවි කිරීමෙන් පසු ලබා දෙන කෝණය සහ අදාළ නිශ්චිත කෝණය සංසන්දනය කිරීමෙන් උපකරණයක පවතින දෝෂය පිළිබඳ ව ඇගයීමක් ලබාගත හැකි ය. ඉන් පසු ව උපකරණය ඇතුළත කොටස් ගලවා හෝ සීරුමාරු කර එම දෝෂය නිවැරදි කරනු ලැබේ.