අවනෙත නාභ්‍යයනය කිරීම (Focussing the objective)
 

උපනෙත නාභ්‍යයනය කිරීමෙන් පසු දුරේක්ෂය ඉතා පැහැදිලි වස්තුවක් දෙසට යොමු කෙරේ. ඉන් පසු ඉතා පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන තෙක් අවනෙත සීරුමාරු කෙරෙයි. අසම්පාත දෝෂය ඉවත් වූවා ද යන්න නිරීක්ෂණය කිරීමට නිරීක්ෂකයාගේ ඇස ඉතා සෙමෙන් ඉහළට සහ පහළට චලනය කරයි. එවිට සෑම විටක දී ම වස්තුව නිවැරදි ව අන්තර්ඡේදනය වී පවතී නම්, අසම්පාත දෝෂය ඉවත් වී ඇතැයි සැලකේ.

(c) Shilpa Sayura Foundation 2006-2017