අසම්පාත දෝෂය ඉවත් කිරීම
 නිරීක්ෂණය කරන්නාගේ ඇසේ පිහිටීම වෙනස් කරන විට වස්තුවක පිහිටීමේ වෙනස්කමක් දෘශ්‍ය වෙයි නම්, එවිට අසම්පාත දෝෂයක් ඇතැයි සැලකේ. මෙවිට දුරේක්ෂයේ අවනෙත මගින් සාදන ප්‍රතිබිම්බය හරස් කෙඳි පිහිටන තලය (Plane of the cross hairs) මත නො පිහිටයි.

මෙම දෝෂය ඉවත් නො කළ හොත් නිවැරදි ව සමච්ඡේදනය කිරීම සහ වස්තුවක් දර්ශනය කිරීම ඉතා දුෂ්කර වේ. දෝෂය ඉවත් කිරීම පිණිස පහත ක්‍රියාවලිය අනුගමනය කෙරේ.
(c) Shilpa Sayura Foundation 2006-2017