මට්ටම් කිරීම/ලෙවල් කිරීම (Levelling)
 

උපකරණයේ ඇති මට්ටම් බුබුළ හරි මැදට සීරුමාරු කිරීමේ ක්‍රියාවලිය ලෙවල් කිරීම ලෙස හැඳින්වේ. මෙහි දී තෙපාවේ පාද සීරුමාරු කිරීමෙන් ද, මට්ටම් ඉස්කුරුප්පුව ඉහළට හෝ පහළට හෝ සීරුමාරු කිරීමෙන් ද මෙම කාර්යය සිදු කළ හැකි ය. මට්ටම් ඉස්කුරුප්පු සීරුමාරු කිරීමේ දී උපකරණයේ මධ්‍යගත බව වෙනස් වන බැවින් මෙම ක්‍රමය සාමාන්‍යයෙන් යොදා නොගැනේ.
(c) Shilpa Sayura Foundation 2006-2017