මධ්‍යගත කිරීම (Centering)
  තියඩොලයිට්ටු මැනුමක දී මැනුම් ස්ථාන සඳහා ස්ථාන තෝරා ගත් පසු එම ස්ථාන ලී හෝ සිමෙන්තිවලින් සෑදූ කුඤ්ඤ මඟින් පොළොව මත සලකුණු කෙරේ. මෙහි දී උපකරණය තෙපාව මඟින් එම කුඤ්ඤයේ මධ්‍ය ලක්ෂ්‍ය මත ම සවි කළ යුතු ය. මෙම ක්‍රියාවලිය මධ්‍යගත කිරීම ලෙස හැඳින්වේ. මෙහි දී උපකරණයේ සිරස් රේඛාව අදාළ ලක්ෂ්‍යය හරහා යන්නේ නම් එවිට උපකරණය නිවැරදි ව මධ්‍යගත කර ඇතැයි සැලකේ.

(c) Shilpa Sayura Foundation 2006-2017