තියඩොලයිට්ටු මැනුමේ මූලික මූලධර්ම
  තියඩොලයිට්ටුව භාවිතයෙන් සිදු කරන යම් මැනුම් ක්‍රියාවලියක් තියඩොලයිට්ටු මැනුමක් ලෙස හැඳින්වේ. මෙහි දී විවිධ කෝණ මැනීමට තියඩොලයිට්ටුව භාවිත කරන අතර, දුර මැනීමට මිනුම් පටිය යොදා ගැනේ. මෙම මිනුම් ආශ්‍රයෙන් සහ පළමු ස්ථානයේ ඛණ්ඩාංක ආශ්‍රයෙන් ත්‍රිකෝණමිතික සංකල්පය භාවිතයෙන් දෙවන මැනුම් ස්ථානයේ ඛණ්ඩාංක ගණනය කළ හැකි ය.
ඉහත රූපයේ පරිදි θ යනු AB මැනුම් රේඛාවේ දිගංශය යි. "d" යනු AB රේඛාවේ දිග යි.
(c) Shilpa Sayura Foundation 2006-2017