පරික්‍රමණ
 යම් ඉඩමක් තියඩොලයිට්ටුවකින් මැනීමේ දී කෝණ සමඟ කාර්යය කිරීමේ අවස්ථාව ලැබේ. මෙහි දී උපකරණය සවි කළ යුතු ස්ථාන ඉතා වැදගත් ය. මන්ද? මැනිය යුතු ඉඩමක මායිම් දිගේ දිගංශය මැනීම හෝ කෝණ මැනීම හෝ සිදු කළ නොහැකි බැවිනි.

මෙයට හේතුව යම් ඉඩමක මායිම බොහෝ විට වැටකින්, තාප්පයකින් හෝ වෙනත් කිසියම් ක්‍රමයකින් පොළොව මත ලකුණු කර තිබීමයි. එවන් විටක මායිම වෙනස් වන ස්ථානය මත කෝණ මැනීම කිසි විටකත් සිදු කළ හැකි කාර්යයක් නොවේ. එසේ ම තෙපාව මඟින් උපකරණය පොළොව මත පිහිටුවීමේ දී තෙපාව හැසිරවීම සඳහා සාමාන්‍ය ඉඩක් අවශ්‍ය වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017