කෝණ මැනීමට යොදා ගත හැකි වෙනත් උපකරණ
  * ආනතිමානය (Clinometer)

විශේෂයෙන් ම සිරස් කෝණ මැනීමට පමණක් භාවිත කළ හැකි මෙම උපකරණය ඉතා සරල උපකරණයකි. කෝණමානයකට නළයක් සම්බන්ධ කිරීමෙන් ආනතිමානයක් සදා ගත හැකි ය.
උපකරණයේ නළය තිරස් අක්ෂය සමඟ සමාන්තර ව පිහිටන විට එහි ඇති ලඹය ගුරුත්වය දිගේ පහළට එල්ලා වැටේ. එවිට අදාළ සිරස් කෝණය 000 ලෙස සැලකේ. එමෙන් ම එහි අක්ෂය තිරස් අක්ෂය සමඟ එක එල්ලේ පවතින විට ලඹය ගුරුත්වය දිගේ පහළට එල්ල වේ.
ක්ලිනො මීටරය මඟින් සිරස් කෝණයක් කියවිය යුතු විට ආනතිමානය අදාළ වස්තුව දෙසට යොමු කෙරේ. එවිට සිරස් කෝණය (θ) අදාළ රේඛාව තිරස සමඟ සාදන කෝණය පරිමාණය මත ඉහත රූපයේ පරිදි කියවිය හැකි ය. මෙම උපකරණය මඟින් ලබාගන්නා සිරස් කෝණය භාවිතයෙන් කිසියම් වස්තුවක උස ගණනය කළ හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017