ගඟක පළල ගණනය කිරීම
 ගඟක පළල ලෙස AB දුර (d) සෙවිය යුතුව ඇතැයි සිතමු. AB දිශාවට BC රේඛාව ලම්බක වන ලෙස C ලක්ෂ්‍යය පිහිටුවා ගනු ලැබේ. තියඩොලයිට්ටුව මගින් ACB කෝණය මනිනු ලබන අතර, මිනුම් පටිය මගින් BC රේඛාවේ දිග මනිනු ලැබේ. මෙම පාඨාංක මගින් ABහි දිග එනම් ගඟේ පළල ගණනය කළ හැකි ය.

මෙලෙස ගසක උස, කුලුනක උස සහ ගඟක පළල මැනීම ආදී ප්‍රායෝගික ව මැනිය නොහැකි අවස්ථා තිරස් හා සිරස් කෝණ භාවිතයෙන් මග හරවා ගත හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017