දිගංශය (Bearing)
  යම් රේඛාවක දිගංශය යනු එම රේඛාව උතුරු දිශාවේ සිට දක්ෂිණාවර්තව කරකැවී සාදන කෝණය යි.

යම් රේඛාවක දිගංශය මැනීමේ ක්‍රමය මැනුම් විද්‍යාවේ දී බහුල ව ම යෙදෙන ක්‍රමයකි. මෙහි දී උපකරණය A නමැති ස්ථානයේ නිවැරදි ව ස්ථානගත කර, එය මට්ටම් කර කෝණ මැනීම සඳහා සුදුසු තත්ත්වයට පත් කරනු ලැබේ.
(c) Shilpa Sayura Foundation 2006-2017