අන්තර්ගත කෝණ - Included angles
  යම් මැනුම් රේඛා 2ක් අතර කෝණය අන්තර්ගත කෝණය ලෙස හැඳින්වේ. පහත රූපයේ දැක්වෙන පරිදි උපකරණය B මත මධ්‍යගත කර මට්ටම් කරනු ලැබේ.

ඉන්පසු උපකරණයේ තිරස් කෝණය BA රේඛාව දිගේ 000 0' 00" ලෙස සකස් කරයි. මේ සඳහා තියඩොලයිට්ටුවේ උඩු තහඩුව සහ යටි තහඩුව භාවිත කෙරෙන අතර, පහත ආකාරයේ අනුපිළිවෙළට ක්‍රියා කළ හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017