තියඩොලයිට්ටුවක ක්‍රියාකාරිත්වය
  තියඩොලයිට්ටුවකින් මූලික වශයෙන් සිරස් සහ තිරස් කෝණ මැනිය හැකි ය. සිරස් කෝණ පිළිබඳ ව සැලකීමේ දී සාමාන්‍යයෙන් සිරස් අක්ෂය දිගේ එනම් ගුරුත්වයේ දිශාවට ප්‍රතිවිරුද්ධ අක්ෂය දිගේ කෝණය 000 00' 00" ලෙස ද, ගුරුත්වයේ දිශාවට පිහිටි අක්ෂය දිගේ සිරස් කෝණය 1800 0' 00" ලෙස ද සඳහන් කර ඇත.

උපකරණය නිසි ලෙස මට්ටම් කිරීමෙන් සහ මධ්‍යගත කිරීමෙන් පසු ඉහත කී සම්බන්ධතාව ලබා ගත හැකි ය. තිරස් කෝණ සම්බන්ධ ව සැලකීමේ දී ප්‍රධාන වශයෙන් කෝණ වර්ග තුනක් සම්බන්ධ ව සාකච්ඡා කළ හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017