මට්ටම් හිස (Levelling head)
  මට්ටම් හිස මූලික වශයෙන් කොටස් දෙකකින් සමන්විත ය.

* උඩු ත්‍රිබාහුව - Upper tribrach
* යටි ත්‍රිබාහුව - Lower tribrach

උඩු ත්‍රිබාහුව - Upper tribrach

බාහු තුනකින් සමන්විත මෙහි සෑම බාහුවක් ම මට්ටම් ඉස්කුරුප්පුවකින් සමන්විත ය. මෙම ඉස්කුරුප්පුවවල කාර්යය වන්නේ උපකරණ සඳහා ආධාරකයක් වීම සහ උපකරණය මට්ටම් කිරීමට උදව් වීම යි.

යටි ත්‍රිබාහුව - Lower tribrach

යටි ත්‍රිබාහුවේ ඇති වක්‍රාකාර සිදුර තුළින් ලඹ කැටය යැවීම මගින් උපකරණය ඉතා ඉක්මනින් සහ නිවැරදි ව මධ්‍යගත කර ගත හැකි ය.

මෙහි දී මට්ටම් හිස මගින් ප්‍රධාන කාර්ය තුනක් ඉටු වේ.

උපකරණයේ ප්‍රධාන කොටස සඳහා ආධාරකයක් වීම
තියඩොලයිට්ටුව තෙපාව මත සවි කිරීම
තියඩොලයිට්ටුව මට්ටම් කිරීම සඳහා උපකාර කිරීම

(c) Shilpa Sayura Foundation 2006-2017