ත්‍රිකෝණිකරණය යොදා ගත නොහැකි අවස්ථා
 


රූපයේ දැක්වෙන පරිදි මැනිය යුතු ඉඩම සම්පූර්ණයෙන් ම හෝ වැඩි කොටසක් පුරා ගොඩනැගිල්ලක් පිහිටන අවස්ථාවක දී ත්‍රිකෝණීකරණය යොදා ගත නොහැකි ය.

වර්තමානයේ ඉතා කුඩා බිම් කොටසක ගොඩනැගිල්ලක් ඉදිකරන විට ඉඩමේ එක් මායිමක් ඔස්සේ ගොඩනැගිල්ලේ සංවෘත බිත්තියක් ඉදිකරන අවස්ථා ඇත. මෙවන් අවස්ථාවක ද දිග පාඨාංක පමණක් මැනීම මඟින් එම ඉඩමේ බිම් සැලැස්ම ඇඳිය නොහැකි ය.

තියඩොලයිට්ටුවේ නිර්මාණය ගැන සැලකීමේ දී ප්‍රධාන වශයෙන් තියඩොලයිට්ටු වර්ග දෙකකට වෙන් කළ හැකි ය.

* සංක්‍රාන්ති තියඩොලයිට්ටු (Transit Theodolites)
* අසංක්‍රාන්ති තියඩොලයිට්ටු (Non - transit Theodolites)
(c) Shilpa Sayura Foundation 2006-2017