තියඩොලයිට්ටු මැනුම - Theodolite Surveying
  දම්වැල් මැනුමේ දී යම් බිම් කොටසක් රේඛීය දුර පමණක් භාවිත කර මැනීමේ දී එම බිම් කොටස ත්‍රිකෝණවලට වෙන් කර ඒ ආශ්‍රයෙන් විවිධ දත්ත ලබා ගැනීම සඳහා අනුලම්බ දුර මනිනු ලැබේ. අතීතයේ මෙම ක්‍රමයෙන් ඉතා පහසුවෙන් යම් ඉඩමක් මැනගත හැකි වුවත් වර්තමානයේ දී පවතින සංකීර්ණ වටපිටාවත් සමඟ මෙම ක්‍රමය ප්‍රායෝගික ව භාවිතයට ගැනීම අපහසු වී ඇත.

විශේෂයෙන් ම නාගරික පරිසරයක් ආශ්‍රිත මැනුමක දී ඉතා කුඩා බිම් කොටස් සමඟ කාර්යය කිරීමට සිදු වන නිසාත්, සාමාන්‍යයෙන් මුළු භූමිය පුරා ගොඩනැගිල්ලක පිහිටීම වැනි දත්තයන් පැතිරී ඇති නිසාත් එම ඉඩම ත්‍රිකෝණ කිහිපයකට වෙන් කළ නොහැකි ය. මෙවන් අවස්ථාවල දී දම්වැල් මැනුම යොදාගෙන එනම්, දිග පමණක් පදනම් කරගෙන ඉඩම මැනිය නොහැකි නිසා කෝණ සහ දිග මැනීම මගින් ඉඩම මැනිය යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017