දෝෂ අවම කිරීමට යෙදිය හැකි පිළියම්
 සාමාන්‍යයෙන් වසර කිහිපයකට වරක් උපකරණවල පවතින දෝෂ සොයා, අංක ශෝධනය කිරීම.

මිනුම් කියවීම දෙවරක් පමණ සිදු කර, ඒවා සටහන් කිරීමෙන් පසුත් වෙනසක් ඇති දැයි නිරීක්ෂණය කිරීම

පාරිසරික සාධකවල බලපෑම අවම කිරීමට වඩාත් සුදුසු කාල පරිච්ඡේදයක එය සිදු කිරීම

මට්ටම් යටිය සිරස් ව තබා ගැනීම සඳහා එයට මැද බින්දු ලෙවලයක් සවි කිරීම

යම් මට්ටම් රේඛාවක් එක් අයකු විසින් පමණක් සිදු කිරීම

ගණනය කිරීම්වල දී දෝෂ සිදු වූවා දැයි බැලීමට අදාළ ගණනය කිරීම සිදු කිරීම

මෙහි දී ඕනෑ ම මට්ටම් ක්‍රියාවලියක් ආරම්භයේ දී සහ එය සිදු කර ගෙන යෑමේ දී සිදු විය හැකි දෝෂ හඳුනා ගැනීමත් ඒවා අවම කිරීමට පිළියම් යෙදීමත් ඉතා වැදගත් ය.
(c) Shilpa Sayura Foundation 2006-2017