භාවිත කරන්නන් අතින් සිදු වන දෝෂ
  මට්ටම් යටිය භාවිත කරන්නා අතින් සිදු විය හැකි දෝෂ

වැරදි කුඤ්ඤ මත හෝ වැරදි ලක්ෂ්‍ය මත හෝ යටිය තැබීම නිසා සිදු වන දෝෂ.
යටිය සිරස් ව නොතැබීම නිසා දෝෂ ඇති වේ. එනම් මට්ටම් උපකරණය දෙසට හෝ ඉන් පිටතට යටිය ආනත ව පිහිටියේ නම් යටියේ සිරස් නොවන බව මට්ටම්කරුට ද නො පෙනේ.

මේ නිසා යටිය ඉදිරියට සහ පසුපසට දෝලනය කිරීමෙන් ලැබෙන අවම අගය පාඨාංකය ලෙස ලබාගත යුතු ය. යටියේ සිරස් භාවය තහවුරු කරගැනීම සඳහා යටියට ඇමිණිය හැකි මැද බින්දු ලෙවලයක් ඇත්නම් එය භාවිත කළ යුතු ය.

යටියක් නිවැරදි ව දිග්හැර ඇද්දැයි බැලීම යටිකරුගේ වගකීමයි.
පාඨාංක කියවන්නාට අවහිර නොවන ලෙස යටිය ඇල්ලීම කළ යුතු ය.
යටිය භාවිත කිරීමේ දී උපකරණවලට හා පුද්ගලයන්ට හානි නොවන ලෙස භාවිත කළ යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017