මට්ටම් ගැනීමේ ක්‍රම (Method of Levelling)
 මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේ දී පොළොවේ විවිධ ලක්ෂ්‍යයන්හි උස සේවීම සිදු කෙරේ. ඕනෑම මට්ටම් ක්‍රියාවලියක් සාමාන්‍යයෙන් ආරම්භ කළ යුතු වන්නේ පිල් ලකුණකිනි.

එමෙන් ම එය අවසන් කළයුතු වන්නේ ද පිල් ලකුණකිනි. එහෙත් අදාළ ප්‍රදේශය සමීපයේ පිල් ලකුණක් නොමැති නම් තාවකාලික පිල් ලකුණු යොදා ගැනීම මගින් මට්ටම් ක්‍රියාවලිය සිදු කරනු ලැබේ. කෙසේ නමුත් මට්ටම් ක්‍රියාවලියක දී එම කාර්යය සිදු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් ඇත.

* සරල මට්ටම් ගැනීමේ ක්‍රමය - Simple levelling
* ආන්තර මට්ටම් ගැනීමේ ක්‍රමය - Differential levelling
(c) Shilpa Sayura Foundation 2006-2017