අසම්පාතය ඉවත් කිරීම (Elimination parallax)
 අසම්පාතය ඉවත් කිරීම යනු සමපාතය ලබා ගැනීමයි. මට්ටම් උපකරණයක අසම්පාතය ඇති අවස්ථාවක දී උපනෙතට ඇස තබා හිස ඉහළ පහළ සෙලවීමෙන් හරස් කෙඳි චලනය වන බව පෙනේ. එසේ නැතහොත් හරස් කෙඳි නොපෙනී යාමක් හෝ හරස් කෙඳි නළියන ස්වභාවයක් දැකිය හැකි ය.

මෙසේ වන්නේ අසම්පාතය ඇති අවස්ථාවල දී ය. සමපාත කිරීම යනු හරස් කම්බි අනන්තයේ සමපාත කිරීමයි. එවිට අනන්තයෙන් මෙපිට ඇති සෑම ස්ථානයක ම හරස් කෙඳි සමපාත වනු ඇත. තව ද මෙම තත්ත්වය ඇති වීමට දුරේක්ෂ භාවිත කරන පුද්ගලයාගේ ඇසේ ස්වභාවය ද බලපානු ඇත.

අසම්පාතය ඉවත් කිරීම පිණිස දූරේක්ෂය අනන්තයට හෝ සුදු පසුබිමක් වෙත හෝ එල්ල කළ යුතු ය. හරස් කෙඳි ඉතා පැහැදිලි වන තෙක් උපනෙතෙහි ඇති ඉස්කුරුප්පුව සීරුමාරු කළ යුතු ය. ඉන් පසු අනන්තයෙන් මෙපිට ඇති සෑම වස්තුවක් වෙත ම දුරේක්ෂය නාභිගත කළ විට හරස් කෙඳි එම ඉලක්කය මත සමපාත වී තිබේ.

මේ ආකාරයට උපකරණයක් තාවකාලික සීරුමාරු කිරීම සිදු කර ගත් පසු උපකරණය මට්ටම් ගැනීමට සූදානම් ය. එහෙත් පුද්ගලයෙකු වෙනත් ස්ථානයක මෙම උපකරණයෙන් ම මට්ටම් ගැනීමට ගියොත් ඉහත සියලු සීරුමාරු කිරීම් සියල්ල නැවත සිදු කර ගත යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017