සංඛ්‍යා අනුක්‍රමයක රටාව
 

සංඛ්‍යා අනුක්‍රමයක් ගත්විට එය අනුපිලිවෙලට සෑදී ඇත්තේ කිසියම් රටාවක් ඇසුරිනි.එනම් සංඛ්‍යා අනුක්‍රමයක කිසියම් සංඛ්‍යාවක් ගත්විට එයට පසුව එන ඊලඟ සංඛ්‍යාව තීරණය වන්නේ එම සංඛ්‍යා අනුක්‍රමය ගොඩනැගී ඇති රටාව අනුවය.
උදාහරණයක් ලෙස පහත සංඛ්‍යා අනුක්‍රමය සලකන්න.


1 2 3 4 5 6 7 8 9 10 - එකකට එක බැගින් එකතුවී වැඩිවේ
2 4 6 8 10 - දෙකේ පරතරය සහිතව වැඩිවේ
3 6 9 - එක් එක් සංඛ්‍යා තුනේ පරතරයක් සහතිව වැඩිවේ

5 , 8 , 11 , 14 ,...

මෙහි මුලින් ඇති පදය වන 5 සැලකූවිට එයට 3ක් එකතු වීමෙන් ඊට පසුව එන පදය වන 8 ලැබී ඇත. මේ අනුව මෙම සංඛ්‍යා අනුක්‍රමයේ සෑම පදයකටම පසුව 3 බැගින් එකතුවී ඊලඟ පදය සැදී ඇත.ඒ අනුව කිසියම් රටාවකට අනුව මෙම සංඛ්‍යා අනුක්‍රමය ගොඩනැගී ඇත.

තරමක් සංකීර්ණ
1 2 4 7 11 (1 සිට 1 , 2 , 3 , 4 වශයෙන් පරතරය වැඩි වේ

අභ්‍යාස.
පහත එක් එක් රටාවේ ඊලඟ පද 2 ලියන්න.

(1) 6 , 12 , 18 ,... , ...
(2) 94 , 90 , 86 , ... , ...
(3) 100 , 88 , 76 , ... , ...

 
(c) Shilpa Sayura Foundation 2006-2017