උපකරණ මට්ටම් කිරීම (Levelling the instrument)
 ආසන්න වශයෙන් මට්ටම් වන ලෙස තෙපාව මත උපකරණ ඇටවීමෙන් පසු එය ඉතා නිවැරදි ව මට්ටම් කළ යුතු වේ. එනම්, දුරේක්ෂය තුළින් බැලූ විට දෘෂ්ටි රේඛාව තිරස් තලයේ දී සිරස් රේඛාව නිවැරදි ව ගුරුත්ව රේඛාව ඔස්සේ ද පවතින ලෙස සැකසිය යුතු ය.

මේ සඳහා භාවිත කරන්නේ මට්ටම් ඉස්කුරුප්පු ය. වර්තමානයේ බහුල ව පාදම් ඉස්කුරුප්පු තුනක් සහිත උපකරණ පවතින අතර, විශේෂ අවස්ථාවල දී ඉස්කුරුප්පු හතරක් පවතින උපකරණ ද භාවිත වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017