කිසියම් මට්ටම් උපකරණයක් තෙපාව මත සවි කිරීමෙන් මෙම පියවර අවසන් වේ. එහෙත් භාවිත කරන පුද්ගලයාගේ උසට සරිලන ලෙසත්, අවශ්‍ය මට්ටම් ගන්නා ප්‍රදේශය දර්ශනය වන ලෙසත්, උපකරණය වටා පහසුවෙන් ගමන් කළ හැකි ලෙසත් එය සවි කළ යුතු ය. තව ද ආසන්න වශයෙන් ඇස් මට්ටමෙන් උපකරණය මට්ටම් විය යුතු ය.