මට්ටම් උපකරණයක සීරුමාරු කිරීම (Adjustment of a level)
 මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක දී මිනුම් ගැනීම ආරම්භ කිරීමට ප්‍රථම උපකරණය නිවැරදිව යම් ස්ථානයක් මත පිහිටුවිය යුතු ය. මට්ටම් ක්‍රියාවලියක දී උපකරණය පිහිටුවන ස්ථානය එතරම් වැදගත් වන්නේ නැති වුවත් උපකරණය නිවැරදි ව පිහිටුවීම සහ එය පාඨාංක ගැනීමට සුදුසු මට්ටමට පත් කළ යුතු ය. මෙම ක්‍රියාවලිය උපකරණය සීරු මාරු කිරීම් ලෙස සැලකේ. ප්‍රධාන වශයෙන් සීරුමාරු කිරීමේ ක්‍රියාවලි දෙකකි.

* තාවකාලික සීරු මාරු කිරීම් - Temporary adjustment
* ස්ථීර සීරු මාරු කිරීම් - Permanent adjustment
(c) Shilpa Sayura Foundation 2006-2017